Posts

2021-2023 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ කලා අංශයේ විෂය සංයෝජන

හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ 2021-2023 අධ්‍යයන වර්ෂය තුළ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් සපයා ඇති විෂය සංයෝජන සියල්ල පහත දැක්වේ. 12K, 12L, 12M, 12N, 12P ශ්‍රේණි වලට නියමිත විෂය සංයෝජන වෙන වෙනම දක්වා ඇති අතර චිත්‍ර, සංගීත, නාට්‍ය, නර්තන යන සෞන්දර්යය විෂයයන් හදාරන සිසුන් සඳහා 12K සහ 12L ශ්‍රේණි විශේෂයෙන්ම වෙන්කොට ඇත. කිසියම් එක් විෂයයකට සම්බන්ධ විෂය සංයෝජන හා ඊට අදාළ ශ්‍රේණි පිළිබඳ සෙවීම සඳහා ඉහලින් ඇති Search කොටුව භාවිතා කරන්න. පහත වගුවේ එක් එක් විෂය තීරු වලට පහළින් ඇති සෙවුම් කොටු තුළ අවශ්‍ය විෂයයන් ඇතුලත් කර ඔබට අවශ්‍ය විෂය සංයෝජනය කාලසටහනට අනුව සපයා ගත හැකිද යන්න හා එම විෂය සංයෝජන උගත හැකි ශ්‍රේණි පිළිබඳ විස්තර ලබා ගත හැකිය. සියළුම සිසුන් ප්‍රධාන විෂයයන් තුනට අමතරව සාමාන්‍ය ඉංග්‍රීසි (General English) හා සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (General Information Technology) යන විෂයයන් අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු අතර එම කාල පරිච්ඡේද තුළ වෙනත් විෂයයක් හැදෑරීමට අවසර දෙනු නොලැබේ. ...